මේ ළඟදි හරි ලස්සන වැඩක් වුණා.ජීවිතේ සමහර ප්රශ්න වලදි ගන්න ඕන මොන තීරණේද කියලා හිතාගන්න බැරිවෙලාවල් එනවනේ අපි හැමෝටම.බොහොම තරුණ කාලෙදි අපි හිතට එන දේවල් ඔහේ කරනවා,කියනවා,වයසට යද්දි තමා හැමදේම හිතලා මතලා කරන්නේ.ලඟදි බස් එකක යනකොට මගින් ගොඩවුණා කපල් එකක්.දෙන්නම ලස්සනයි.ඔන්න අර කෙල්ලයි,කොල්ලයි නැග්ග ගමන්ම උන්ගේ පිනට සීට් එකක් හම්බුණා.ටික දුරක් යනකන් දෙන්නා කයිය ගගහ ආවා.හිනාවෙනවා,විහිළු කරනවා,රහස් කියනවා.අපිටත් ලව් කරන්න හිතෙනවා. තරම් සුන්දරයි වැඩේ.ඒවා ඉතින් අපිට සුන්දර විදියට පෙනුණට හැමෝටම එහෙම නැනේ.ළඟ ඉඳපු ඇන්ටි කෙනෙක් ඔරවනවා,රවනවා.ඉවරයක් නෑ.කෙල්ල ටික දුරක් යද්දි කොල්ලගේ අත අරන් උකුල උඩින් තියාගත්තා.දැන් අර ඇන්ටිට තවත් මල.මටනම් පට්ට ආතල්.ටික දුරක් යනකොට අර ඇන්ටි මට රහසින් කියන්න ගත්තා.
"මහ නොසණ්ඩාලයිනේ පුතා..බලන්න මුන්ට ලැජ්ජා නැති හැටි..ශික්..මේක බස් එකක් නේද..සංවරව යන්න එපැයි..පුංචි උන් යනවා.."ඔහොම කිය කිය ඉඳපු ඇන්ටි ටික දුරක් ගියාට පස්සේ බැහැලා ගියා.
අපි දැන් ඇත්තම කතාව ඇදලා බලමු. අයියයි,අක්කයි අත්වැල් පටල පටල ගිය එක ඇත්ත. උනාට උන් බස් එකේ ලිංගික සංසර්ගයේ යෙදුනේ නෑනේ.අශීලාචාර මුකුත්ම උනේ නෑ.අත් අල්ලන් යන එක අශීලාචාරද කියන්න මං දන්නේ නෑ.හැබැයි බොරු කියන්න ඕන නෑනේ.මමනම් මගේ කොල්ලත් එක්ක යන්නේ එයාගේ අත අල්ලන්.ඉතින් කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාළු උනාම අත අල්ලන් යන එක,රහස් කියන එක,හිනාවෙන එක,කිස් එකක් දෙන එක නරක වැඩද?නෑනේ.ලව් කරනවා කියන්නේ ඒකටනේ.කුරුළු ජෝඩුවක් උනත් ගහක අත්තක එක ළඟට වෙලා හොටවල් පටලව පටලව ඉන්නේ.හැබැයි ඉතින් බස් වල යන ගමන් නිල් චිත්රපටි දර්ශන දාන එකටනම් විරුද්ධ වෙන්න ඕන.
මෙතන තියෙන ලොකුම අවුල තමයි දෙන්නෙක් ආදරය කරන එක බලාගෙන ඉන්න බැරිකම.කෙල්ලෙක්,කොල්ලෙක්ගේ අතින් ඇල්ලුවම ගොඩක් අයට ගැබ් ගන්නවා. තරමට අශීලාචාරයිලු.අතක අතක් පැටළුනාම අශීලාචාර කොතනද කියලා මටනම් තේරෙන්නෑ.සරලම කතාව ඔබ තරුණයෙක්,තරුණියක් නම් පැහදිලිවම ඔබ ඉන්නෙ ආදරය කළයුතු,ආදරය ලැබිය යුතු කාලෙක.මේ කාලෙ නොකරන ලව් ඉතින් වැඩක් නෑ.තරුණ කාලේ ලව් නොකළාම වෙන්නේ මොකද්ද දන්නවද?ටිකක් හිතන්නකෝ.පුංචි ළමයි දඟ කරනකොට අම්මලා කියනවා මූට හරිම විසේ කියලා.චූටි උන් චූටි කාලේ විසේ කරන්නම ඕන. කාලෙදි කාලෙදි විසේ කරන්න ඉඩ නොදී පාලනය කළා කියමුකෝ. විසේ ඇඟ ඇතුලේ හැංඟෙනවා.ඊට පස්සේ ඕක දිය යට ගහපු රබර් බෝලයක් වගේ ආයි මතුවෙනවා. හිතන්න,නාකි වෙලා ඕක මතුවුණොත් මල මඟුලයිනේ.ඒකට තමා කියන්නේ නාකි විසේ කියලා.අපිටත් ඕන තරම් ඔය බස් වල යනකොට එහෙම කට්ටිය හම්බ වෙනවනේ.ඒක නිසා චූටි ළමයි විසේ කරනකොට බලන් ඉන්න.නාකි විසේ කරනකොට ගහලා හදාගන්න.මොකද නාකි විසේ කරන එක පරම්පරාවට හොඳ නෑ.ආදරෙත් එහෙමයි.තරුණ කාලෙදි ආදරේ කරන්න ආදරේ කරන විදිය ඉතින් එක එක ආකාරයි.ඒවා මට කියලා දෙන්න බෑ.හැබැයි ආදරේ කරන්න.මොන තහංචි තිබුණත් ඔබ ආදරය කළයුතුයි. හැමෝම එහෙම කරනවා.එහෙම කරන්න බැරිවුණු අය තමයි වයසට ගියාම ආදරේ කරන අයට ඉරිසියා කරන්නේ. වගේම අයම තමයි වයසට ගිහිල්ලා ලව් කරන්න ගන්නේ.ඉතින් නාකි වෙලා ලව් කරනවට වඩා තරුණ කාලෙ ආදරේ කරන එක සුන්දරයි. වයසට ගියාම කරන්න වෙන වැඩ තියෙනවනේ.පන්සල් යන්න ඕන,සිල් ගන්න ඕන,මුනුබුරන්ව නාවන්න ඕන. කාලෙට ඒවා කරන්න නම් මුලින් කරන්න තියෙන දේවල් අහවර වෙන්න ඕන.සමහරු අවුරුදු පනහ,හැට පැනලත් ලව් කරනවා කියලා මොකද්ද එකක් කරනවා.හැබැයි ලව් නෙමේ.සිංහලෙන් කියනවනම් වනචරකම.ඒක නිසා පටලව ගන්න එපා.කරන දේ කුමක් වුනත් එය කරන කාලය අනුව නම් වෙනස් වෙනවා.ඒක නිසා පරිස්සමෙන්.
හෙමි හෙමින් ඔබ එන්න .. 
වෙන් වෙලා යන්න නොව.. 
ජිවිතේ පුරාවට මා ලඟින් සැනසෙන්න..
මඟ බලා හිඳිමි මම..
ඊයේ අද හෙට නොවේ..
සංසාරේ පුරාවට මා ලඟට එනතුරා..
දන්නේද රත්තරං..
ඔබයි මට මගේ පන..
නැති උනොත් ඔබ මෙමට..
මියැදේවී මගේ සිත..

මගේ නම කිටී..
මගේ යාළුවෝ හැමෝම බ්ලොග් ලියන නිසා මටත් ඉතින් නිකන් ඉන්න බෑනේ ඉතින් මාත් හිතුවා එකක් ලියන්න ඕනේ කියල.හිහි..ඇත්තටම මට බ්ලොග් ලියන්න ලොකු ආසාවක් ආවේ අපේ ගැමියාගේ පත් ඉරුව නිසා...

දැන් ඉතින් මොනා ලියන්නද අප්පා කලබලේට මේක පටන් ගත්තට ලියන්න කිසිම අදහසක් නෑ පස්සේ වෙලාවක ඇවිල්ලා  ලියලා දාන්නම්කෝ මම.......මම බ්ලොග් වලට තාම අලුත්..අනේ ඒක නිසා පොඩ්ඩක් මේ පැත්තේ ඇවිල්ලා යන්න..හොඳේ...