මේ ළඟදි හරි ලස්සන වැඩක් වුණා.ජීවිතේ සමහර ප්රශ්න වලදි ගන්න ඕන මොන තීරණේද කියලා හිතාගන්න බැරිවෙලාවල් එනවනේ අපි හැමෝටම.බොහොම තරුණ කාලෙදි අපි හිතට එන දේවල් ඔහේ කරනවා,කියනවා,වයසට යද්දි තමා හැමදේම හිතලා මතලා කරන්නේ.ලඟදි බස් එකක යනකොට මගින් ගොඩවුණා කපල් එකක්.දෙන්නම ලස්සනයි.ඔන්න අර කෙල්ලයි,කොල්ලයි නැග්ග ගමන්ම උන්ගේ පිනට සීට් එකක් හම්බුණා.ටික දුරක් යනකන් දෙන්නා කයිය ගගහ ආවා.හිනාවෙනවා,විහිළු කරනවා,රහස් කියනවා.අපිටත් ලව් කරන්න හිතෙනවා.ඒ තරම් සුන්දරයි වැඩේ.ඒවා ඉතින් අපිට සුන්දර විදියට පෙනුණට හැමෝටම එහෙම නැනේ.ළඟ ඉඳපු ඇන්ටි කෙනෙක් ඔරවනවා,රවනවා.ඉවරයක් නෑ.කෙල්ල ටික දුරක් යද්දි කොල්ලගේ අත අරන් උකුල උඩින් තියාගත්තා.දැන් අර ඇන්ටිට තවත් මල.මටනම් පට්ට ආතල්.ටික දුරක් යනකොට අර ඇන්ටි මට රහසින් කියන්න ගත්තා.
"මහ නොසණ්ඩාලයිනේ පුතා..බලන්න මුන්ට ලැජ්ජා නැති හැටි..ශික්..මේක බස් එකක් නේද..සංවරව යන්න එපැයි..පුංචි උන් යනවා.."ඔහොම කිය කිය ඉඳපු ඇන්ටි ටික දුරක් ගියාට පස්සේ බැහැලා ගියා.
අපි දැන් ඇත්තම කතාව ඇදලා බලමු.ඒ අයියයි,අක්කයි අත්වැල් පටල පටල ගිය එක ඇත්ත.ඒ උනාට උන් බස් එකේ ලිංගික සංසර්ගයේ යෙදුනේ නෑනේ.අශීලාචාර මුකුත්ම උනේ නෑ.අත් අල්ලන් යන එක අශීලාචාරද කියන්න මං දන්නේ නෑ.හැබැයි බොරු කියන්න ඕන නෑනේ.මමනම් මගේ කොල්ලත් එක්ක යන්නේ එයාගේ අත අල්ලන්.ඉතින් කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාළු උනාම අත අල්ලන් යන එක,රහස් කියන එක,හිනාවෙන එක,කිස් එකක් දෙන එක නරක වැඩද?නෑනේ.ලව් කරනවා කියන්නේ ඒකටනේ.කුරුළු ජෝඩුවක් උනත් ගහක අත්තක එක ළඟට වෙලා හොටවල් පටලව පටලව ඉන්නේ.හැබැයි ඉතින් බස් වල යන ගමන් නිල් චිත්රපටි දර්ශන දාන එකටනම් විරුද්ධ වෙන්න ඕන.
මෙතන තියෙන ලොකුම අවුල තමයි දෙන්නෙක් ආදරය කරන එක බලාගෙන ඉන්න බැරිකම.කෙල්ලෙක්,කොල්ලෙක්ගේ අතින් ඇල්ලුවම ගොඩක් අයට ගැබ් ගන්නවා.ඒ තරමට අශීලාචාරයිලු.අතක අතක් පැටළුනාම අශීලාචාර කොතනද කියලා මටනම් තේරෙන්නෑ.සරලම කතාව ඔබ තරුණයෙක්,තරුණියක් නම් පැහදිලිවම ඔබ ඉන්නෙ ආදරය කළයුතු,ආදරය ලැබිය යුතු කාලෙක.මේ කාලෙ නොකරන ලව් ඉතින් වැඩක් නෑ.තරුණ කාලේ ලව් නොකළාම වෙන්නේ මොකද්ද දන්නවද?ටිකක් හිතන්නකෝ.පුංචි ළමයි දඟ කරනකොට අම්මලා කියනවා මූට හරිම විසේ කියලා.චූටි උන් චූටි කාලේ විසේ කරන්නම ඕන.ඒ කාලෙදි ඒ කාලෙදි විසේ කරන්න ඉඩ නොදී පාලනය කළා කියමුකෝ.ඒ විසේ ඇඟ ඇතුලේ හැංඟෙනවා.ඊට පස්සේ ඕක දිය යට ගහපු රබර් බෝලයක් වගේ ආයි මතුවෙනවා. හිතන්න,නාකි වෙලා ඕක මතුවුණොත් මල මඟුලයිනේ.ඒකට තමා කියන්නේ නාකි විසේ කියලා.අපිටත් ඕන තරම් ඔය බස් වල යනකොට එහෙම කට්ටිය හම්බ වෙනවනේ.ඒක නිසා චූටි ළමයි විසේ කරනකොට බලන් ඉන්න.නාකි විසේ කරනකොට ගහලා හදාගන්න.මොකද නාකි විසේ කරන එක පරම්පරාවට හොඳ නෑ.ආදරෙත් එහෙමයි.තරුණ කාලෙදි ආදරේ කරන්න ඒ ආදරේ කරන විදිය ඉතින් එක එක ආකාරයි.ඒවා මට කියලා දෙන්න බෑ.හැබැයි ආදරේ කරන්න.මොන තහංචි තිබුණත් ඔබ ආදරය කළයුතුයි. හැමෝම එහෙම කරනවා.එහෙම කරන්න බැරිවුණු අය තමයි වයසට ගියාම ආදරේ කරන අයට ඉරිසියා කරන්නේ.ඒ වගේම ඒ අයම තමයි වයසට ගිහිල්ලා ලව් කරන්න ගන්නේ.ඉතින් නාකි වෙලා ලව් කරනවට වඩා තරුණ කාලෙ ආදරේ කරන එක සුන්දරයි. වයසට ගියාම කරන්න වෙන වැඩ තියෙනවනේ.පන්සල් යන්න ඕන,සිල් ගන්න ඕන,මුනුබුරන්ව නාවන්න ඕන.ඒ කාලෙට ඒවා කරන්න නම් මුලින් කරන්න තියෙන දේවල් අහවර වෙන්න ඕන.සමහරු අවුරුදු පනහ,හැට පැනලත් ලව් කරනවා කියලා මොකද්ද එකක් කරනවා.හැබැයි ඒ ලව් නෙමේ.සිංහලෙන් කියනවනම් ඒ වනචරකම.ඒක නිසා පටලව ගන්න එපා.කරන දේ කුමක් වුනත් එය කරන කාලය අනුව නම් වෙනස් වෙනවා.ඒක නිසා පරිස්සමෙන්.

7 comments:
මේ කෑල්ල මරු ඈ //අපිටත් ලව් කරන්න හිතෙනවා.// මට කියන්න තියෙන්නේ ඉතිං හිකිස් හිකිස් කියලා....
මාත් අනන්තවත් අහලා ඇති අප්පා ඕවා නම් දවසක් ඇන්ටි කෙනෙක් මට කිව්වා පොඩි ලමයින්ට යන්න ෂෝක් බස් එක කියලා හි හි මමත් ඇන්ටි දිහාවට හැරිලා කිව්වා ඒකනේ ඇන්ටි හරි ෂෝක්නේ කියලා ඇන්ටිට මරු ආවේෂ වෙලා කියව කියව හිටියේ.... ඒත් ඉතින් සීමාව පන්නගන්නේ නැතිව ඉන්ටෝන...
දුර ගමන් බස් වල මම නිතර යන එනවනේ අනන්තවත් ලයිව් බ්ලූ ෂෝස් තියෙනවනේ හි හි
අනේ අක්කේ දැන් කාලේ ඉන්න ඇන්ටිලාට ඒ දවස්වල බස්වල ලව් කරන්න දීලා නැහැ. දැන් අපි ලව් කරන කොට ඒ ගොල්ලන්ට ඊරිසියයි. ඒකයි ඔහොම කථා කියන්නේ. අනික ඒ දවස්වල එයාලත් බස් වල යන්න ඇත්තෙත් එහෙම තමයි මොකද අපි ඒ කලේ හිටියේ නැහැනේ.......
ඇත්තටම පෝස්ට් එකනම් නියමයි.මමත් ඔය වගේ සීන් ඕන තරම් දැකල තියනවා.ඔය වෙලාවට ඔරවන කට්ටියට කියන්න තියෙන්නෙ මෙච්චරයි....
"මට මහලු වයසේ..
බැරිය වෙන ගායනා පෙරසේ..."කියල.
හැබැයි අක්කේ මම පොඩි දෙයක් කිවුවට ඔයා මාත් එක්ක තරහ වෙන එකක් නෑ කියල මම හිතනවා.ඔයා මේ පෝස්ට් එකේ එක තැන වරද්දගෙන තියනවා.ඒ මෙන්න මෙතන.
'කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාළු උනාම අත අල්ලන් යන එක,රහස් කියන එක,හිනාවෙන එක,කිස් එකක් දෙන එක නරක වැඩද?නෑනේ.ලව් කරනවා කියන්නේ ඒකටනේ.'
නෑ අක්කේ....මටනම් හිතෙන විදිහට ආදරය කියන්නේ මේ දේ නෙමෙයි.ආදරය කියන්නේ හදවතින් ඇතිවන හැඟීමක් කියන එක තමයි මගේ විශ්වාසය.ඉතින් මම මේ දේ කිවුව කියල ඔයා මාත් එක්ක තරහ වෙන්නෙ නැතිවෙයි කියල මම හිතනවා.එහෙනම් ආයිත් දවසක එන්නම්....
@කෝඩු
හරියටම හරි කොල්ලෝ මට කියාගන්න බැරිව හිටියේ
අළුත් තීම් එක ලස්සනයි ඒත් කියවන්න ඇහැට අමාරුයි පාට එහෙම වෙනස් කරනවනම් මම කැමතියි
බොහොම ස්තූතියි ගැමියෝ..මං ඒක වෙනස් කරන්නම්.ඒත් හිතට අල්ලන ටෙම්ප්ලේට් එකක් තාම හම්බුණේ නෑනේ.
@කෝඩු.මල්ලියා මං ඒකෙන් අදහස් කලෙත් අද ගොඩක් දෙනා හිතන් ඉන්න ආදරේ ගැන.හොඳයි මං ළඟදිම සැබෑ අදරේ කියන්නේ මොන වගේ දෙයක්ද කියලත් බ්ලොග් එකට ලියන්නම්කෝ..බොහොම ස්තූතියි කොමෙන්ටුවට..
Post a Comment